දෙබර ප්රහාරයකට ලක්වීමෙන් දෙනියාය – කිරිවැල්දොල, හිගුරුහේන ප්රදේශයේ එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. නිවසේ වහලයේ බැඳ තිබු දෙබර කූඩුවක් ඇවිස්සීයාමෙන් ප්රහාරය එල්ලවී තිබෙනවා.
ඉන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක දරුවෙක් සහ ඇගේ මිත්තණිය බවයි දෙණියාය පොලීසිය පවසන්නෙ. මිත්තණියගේ වයස අවුරුදු 68ක්. දෙබර ප්රහාරය එල්ල වන අවස්ථාවේ වෙනත් කිසිවෙකුත් නොසිටි බව පොලීසිය සදහන් කළා.