රිය අනතුරු හතරකින් හතර දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරු සිදුවුණේ යාපනය, කෑගල්ල, මීගමුව සහ අම්පාර ප්රදේශවලදී. ලොරි රථයක් පදික වේදිකාවේ ගමන් ගත් කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුවුණේ මීගමුව ප්රදේශයේදී.
යතුරුපැදියක් ට්රැක්ටරයක ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. 45 හැවිරිදි පුද්ගලයෙක් ඉන් මිය ගිය බවයි පොලිසිය ප්රකාශ කළේ. අනෙක් අනතුරු දෙකම සිදුවුණේ යතුරුපැදිකරුවන්ට සිය යතුරුපැදිවල වේඟය පාලනය කර ගැනිමට නොහැකිවීම හේතුවෙන්. වයස අවුරුදු 47ක සහ 27ක දෙදෙනෙක් මිය ගියා.