යේමනයේ මිලියන 13ක පිරිසක් නිරාහාරව සිටින බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කළා.
යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් මූලික මිනිස් අවශ්‍යතා පවා ඉටුකර ගැනිමට නොහැකි වී ඇති බවයි ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
වසර තුනක් තුළ ක්‍රියාත්මක සිවිල් යුද්ධය හේතුවෙන් දස දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මිලියනයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.