ජෝර්දානයේ හා සිරියාවේ නසීබ් දේශසීමාව නැවත විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.
මෙම දේශසීමාව අද නිල වශයෙන් නැවත විවෘත කෙරෙන්නේ වසර තුනකට පසුවයි. මෙය ජෝර්දානය හා සිරියාව අතර වෙළදාම සදහා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අනෙකුත් අරාබි රටවල වෙලදාම් කටයුතු සදහා ද මෙම තීරණය වැදගත් වනවා. සිරියාව හා ඉරාකයේ දේශසීමාව ද යළි විවෘත කිරීම පිළිබදව දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට ලක්වුණා.