යොවුන් ඔලිම්පික් උළෙලේදී ශී්ර ලංකාවේ හසිනි අම්බලන්ගොඩ නියෝජනය කළ බැඩ්මිටන් කණ්ඩායම රන් පදක්කම දිනාගෙන තිබෙනවා.මේ අතර දශකයකට පමණ පසු ශී්ර ලංකාවට ලෝක මට්ටමේ මළල කී්රඩා පදක්කමක් දිනා ගැනීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.ඒ, මේ දිනවල ආජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේදීයි.
ශී්ර ලංකාව නියෝජනය කරමින් මීටර් 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වට එක්වූ පාරමී වසන්ති එම ඉසව්වේදී තුන්වැනි ස්ථානය දිනා ගත්තා.
ඒ, විනාඩි 06.33.06ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා. ඇය එම ඉසව්වේ දෙවැනි අදියර වන කිලෝමීටර් 4ක දුරින් යුත් රට හරහා දිවීමේ බාධක ඉසව්වට හෙට (15) දිනයේ සහභාගී වීමට නියමිතයි. එම ඉසව්වේ තරග ප්රතිපලය මත පාරමී වසන්තිට පදක්කමක් හිමිවන්නේද නැද්ද යන්න තීරණය වනු ඇති. එම තරගය ශී්ර ලංකා වේලාවෙන් හෙට රාති්ර 07.00ට පමණ ආරම්භ වීමට නියමිතයි. එම ඉසව්වේදී පාරමී වසන්ති පදක්කමක් දිනාගැනීමට සමත්වුවහොත් 2007 වසරින් පසුව මළල කී්රඩා ඉසව්වකින් ශී්ර ලංකාව දිනා ගන්නා පළමු ලෝක මට්ටමේ පදක්කම එය වනු ඇති.