ශ්‍රී ලංකාව සමග පැවති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය පහසුවෙන් ජය ගැනීමට මැලේසියාව සමත්වුණා. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගතකිරීම් අතර මැලේෂියාවරැදී සිටින්නේ 171 වැනි ස්ථානයේයි. එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 199 ස්ථානයයි. දෙරට අතර කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අධියර නිමාවන විට ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමයි. ඒ ගෝල එකට බින්දුවක් ලෙසයි. තරගයේ 30 වැනි මිනිත්තුවේදී එම ගොලය වාර්තා කළේ අසේල මධුෂාන්. දෙවන අධියරේදී සිය සුපුරුදු ආක්‍රමණශීලී තරග රටාවට පිවිසි මැලේෂියා කණ්ඩායම ගෝල 04 ක් වාර් තා කිරීමට සමත්වුණා. එම අර්ධයේදී ශ්‍රී ලංකාවට කිසිදු ගෝලයක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. මේ අනුව තරගය නිමාවුනේ ගෝල 04 ට 01 ක් ලෙස පහසු ජයක් මැලේෂියාව හිමිකර ගනිමිනුයි.