ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ ගියද පවතින මිලටම පොහොර ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-dfW9AO-ikI”]
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපි වවලයි අපි කන්නේ කෘෂිකාර්මික වැඩපිළිවෙළ යටතේ බුත්තල ප්‍රදේශයේ වැල්දොඩම් සහ අන්නාසි වගා කලාප ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.
අක්කර 72ක භූමි භාගයක ආරම්භ කර ඇති මෙම වගා කලාප දෙකෙහි ගොවීන් 148 දෙනෙකු වගාකටයුතු සිදුකරනවා. මෙම අස්වනු මිලදී ගැනීම සදහා ව්‍යාපාරික ප්‍රජාව සමඟ ගිවිසුම් අත්සන්කර ඇති අතර සමස්ත අස්වැන්නම අපනයනය කිරීමට බලාපොරොත්තු වනවා. සමස්ත ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 48ක්.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය නොමිලේ ලබාදෙන අන්නාසි මොරෙයියන්, වැල්දොඩම් පැළ, ජී අයි බට සහ විසිරි ජල තාක්ෂණ උපකරණ බෙදාදීම ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. මෙම අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්, ගොවි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.