Life+News The Official News Portal of Independent Television Network Ltd

වනඅලි දුම්රියේ ගැටීම් නවත්වන්න නිර්දේශ 5ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:51

වනඅලි දුම්රියේ ගැටීම් නවත්වන්න නිර්දේශ 5ක්

  • දුම්රියවල වනඅලි ගැටීම් සිදුවන ස්ථාන නිරීක්ෂණය කිරීම ආරම්භ කෙරුණා.
  • නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක් යෝජනා කර තිබෙනවා.

 

14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් ඔක්තෝබර් 11 වැනි දින සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතුවල නියැලෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා. ඒ දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමයි.

මොවුන් ඔක්තෝම්බර් 11 වැනි දින සිට 14 දින දක්වා දින 04ක් දිනපතා මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු හා නැගෙනහිර දුම්රිය මාර්ගවල මෙම නිරීක්ෂණ කටයුතු සිදුකරනු කෙරෙනවා.

ඔක්තෝබර් 12 වැනි ඊයේ දිනයේ මෙම නිරික්ෂණ කණ්ඩායම ගල්ඔය මංසන්දියේ සිට කල්කුඩා දක්වා නිරික්ෂණ කටයුතුවල නියැලුණා. පසුගිය දින දෙකේදී ත්‍රිකුණාමල මාර්ගය සහ මඩකලපුව මාර්ගයේ අලින්ගේ හැසිරිම් පිළිබඳ ලබාගත් දත්ත හා තොරතුරු අනුව අලි ගැටිමි වැළැක්විම සදහා පහත සදහන් නිර්දේශ ලබාදී තිබෙනවා.

  • දුම්රිය රියදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීමට මාර්ගය දෙපස මීටර් 30ක් දක්වා වු ලදු කැලැ එළිකිරිම.
  • දක්වා ඇති වේග සීමා නියමිත පරිදිම ක්‍රියාත්මක කිරිම. (උපරිම පැ.කි.මි. 40)
  • මාර්ගය දෙපස කඳුගැට සිහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සදහා උඩින් මාර්ග ඉදිකිරිම. (Over pass)
  • දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථාන තුළින් අලි ඇතුන්ට මාරුවීම සඳහා බාධා ඉවත්කොට මාර්ග ඉදි කිරිම . (Under Pass)
  • දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සදහා විදුලිවැට, රේල්පීලි යොදා බාධා යෙදීම සහ පුර්ව අනතුරු ඇගවීමේ සංඥා පද්ධති සවි කිරිම.

මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින් ලබාදෙන නිර්දේශවලින් අනතුරුව දුම්රිය අලී ගැටීම් වැළැක්වීම සඳහා ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රධාන සැළැස්මක් සැකසීම විද්වත් කමිටුවක් විසින් දින 05ක් ඇතුලත සිදු කිරීමට නියමිතයි. එම කමිටු වාර්තාව සහ සැළැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්යහ මූල්‍ය ඇස්තමේන්තුවද ඔක්තෝම්බර් මස 25 වැනි දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට භාරදීමට නියමිතවයි තිබෙන්නේ. අමාත්‍යවරයා විසින් එම වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන මේ මස අවසන් වීමට පෙර එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ඉලක්ක කර ඇති බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ.සුමනසේන මහතාගේ නායකත්වයෙන් හා දුම්රියේ අලි ගැටීම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා මහතා ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමන්විතයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා මෙම කමිටුව පත් කෙරුණේ 2018.09.28 වැනි දිනයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 15:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්