එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවුණා. ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමටයි ඔහු මෙම සංචාරයේ නිරතවුණේ. භූ කම්පනයෙන් විනාශ වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවයි ඇන්ටෝනියෝ ගුටේරස් කියා සිටියේ. ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සදහා ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන පහක මූල්‍යාධාර ලබා දෙන බවද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.