ආසියානු පැරා ක්රීඩා උළෙලේ අවසන් දිනයේ ඉන්දිකගෙන් රිදී පදක්කමක්
Related Articles
ආසියානු ක්රීඩා උළෙලේ මළල ක්රීඩා අවසන් දිනයේදී පාදයක් අහිමිවීම හෝ පාදයේ දිග වෙනස්වීම (T44, T62/64) මත වර්ගීකරණයවූ දුර පැනීමේ අවසන් තරගයේදී හා ගාමිණී නුවන් ඉන්දික මීටර් 6.09ක දක්ෂතාවකින් රිදී පදක්කම දිනා ගනියි.
මේ අනුව ශ්රී ලංකාව මෙවර ආසියානු පැරා ක්රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 4ක් හිමි කරගෙන රටවල් 43කින් 14වැනි ස්ථානයේ පසුවෙයි. එය පසුගිය ආසියානු ක්රීඩා උළෙලට වඩා ශ්රී ලංකාව පදක්කමකින් ඉදිරියෙන් සිටීමකි.
රිදී පදක්කම දිනාගත් ගාමිණී නුවන් ඉන්දික ඇඹිලිපිටිය ප්රදේශයේ පදිංචි අතර වසර 2009දී පුදුකුඩිඉරිප්පු කලපුව අසලදී ත්රස්ත වෙඩි ප්රහාරයකින් පාදයක් අහිමි වූවෙකි.
මෙම තෙවැනි ආසියානු පැරා ක්රීඩා උළෙල අද ජාකර්තා ගෙලෝරා බන්ග් කාර්නෝ ක්රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වෙයි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment