හැටන් බගවන්තලාව මස්කෙලිය ප්රධාන මාර්ගය නොර්වුඩ් නිව්වෙලිගම ප්රදේශයේ දි ගිලා බැසිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (13) දහවල් 11.30 සිට සම්පුර්ණයෙන්ම තාවකාලිකව නතර කල බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
එම ප්රදේශයේම නිවාස 5 ක් මේ වන විට ගිලා බැස ඇති නිසා එහි පවුල් 5ක් ස්ථිරවම එම ස්ථාන වලින් ඉවත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබුණා.කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම නිවාස සහ ප්රධාන මාර්ගය ස්ථාන කිහිපයක් මේ වන විට ගිලා බැස තිබෙනවා.
නැවත දැනුම් දෙන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/06.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/10/08.jpg”]