එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ඉන්දියාව තේරී පත්වුණා. රටවල් 193ක් අතරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව සාමාජිකයන් පත්කරගැනීම ඊයේ (12) සිදු කෙරුණා. ඡන්ද 188 ක් ලබාගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් පහ අතරටයි ඉන්දියාව තේරීපත්වන්නේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට වසර තුනක කාලයක් ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය හිමි රටක් බවට පත්වනු ඇති.
රහස් ඡන්දයකින් අනතුරුවයි මෙලෙස නව සාමාජිකයින් 18 දෙනෙකු තෝරා ගැණුණේ. ඉන්දියාව සමග බහරේනය, බංග්ලාදේශය, ෆීජී දේශය සහ පිලිපීනය ඉන්දියාව සමග ආසියා පැසිෆික් කලාපයේ සාමාජිකත්වය දරනු ඇති බවයි සදහන් වන්නේ. 2011-2014 කාලයේ සහ 2014-2017 කාලයේ ඉන්දියාව මේ කවුන්සිලයේ සාමාජිකත්වය දැරුවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ආසන 13ක් ආසියා-පැසිෆික් කලාපයේ රටවලට හිමිවනවා. මීට අමතරව අප්රිකානු රටවලට ආසන දහතුනක්ද නැගෙනහිර යුරෝපීය රටවලට ආසන හයක්ද, ලතින් ඇමරිකානු සහ කැරිබියන් රටවලට ආසන අටක්ද බටහිර යුරෝපීය රටවලට ආසන හතක්ද වශයෙන් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වනවා.