කොස්ලන්ද- මැදගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 17ක පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ නිවස ඉදිරිපිට ඇති අඹ ගසක අත්තක එල්ලී සියදිවි හානි කරගෙන ඇති සිසුවාගේ නිසල සිරුර පවුලේ අනෙක් අය දැක තිබුණේ අද උදෑසනයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිටි මෙම සිසුවා සියදිවි හානි කරගැනීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. කොස්ලන්ද පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.