මයිකල් ෆ්ලොරිඩාට කළ හදියක්; ප්‍රාන්ත කිහිපයක තවමත් විදුලිය නෑ.
Related Articles
පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් හමා ආ මයිකල් සුළි කුණාටුව මෙක්සිකෝ වෙරළ තීරයෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පසුගිය බදාදා ඇතුළු වුණා.
සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි හානි සිදුව තිබෙනවා. වෙරළාසන්න ප්‍රදේශවල දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා.
එම ප්‍රදේශය ප්‍රබල බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවූ අකාරයෙන් දිස්වන බවත් බී බී සී ප්රවෘත්ති සේවය පෙන්වා දෙනවා. මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 17 ක්. අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම් සිදු කෙරෙනවා.
ෆ්ලොරිඩා ,ඇලබාමා, ජොර්ජියා, වර්ජිනියා සහ කැරොලයිනා ප්‍රාන්තවල නිවාස දස ලක්ෂයකට තවමත් විදුලිය ඇණහිට ඇති බවයි ඇමරිකා වාර්තා සදහන් කළේ. විසිදහසකට අධික පිරිසක් ආරක්ෂිත කඳවුරුවල රඳවා තිබෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment