Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි තුනක මත්කුඩු තොගයක් සමඟ පකිස්තානුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 09:47

කෝටි තුනක මත්කුඩු තොගයක් සමඟ පකිස්තානුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පකිස්ථාන ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සිදුකළ වැටලීමකින්.

කටාර් ද්‍යෝහා සිට පැමිණි ගුවන් යානයකින් ගුවන් තොටුපලට ළඟාවූ ඔහු ගමන් මල්ලෙහි ව්‍යාජ පතුලක සඟවා තිබියදී මත්ද්‍රව්‍ය තොගය හමුවුණා. සැකකරු 2014 වසරේ සිට අවස්ථා 6කදි දෝහා හරහා මෙරටට පැමිණ ඇති බවත් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ඔහු මීගමුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2018 09:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්