Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිය බල්ලට දැමූ අවිචාරවත් යුගය නිමාකළ යහපාලනයේ ඓතිහාසික වටිනාකම

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 18:29

නීතිය බල්ලට දැමූ අවිචාරවත් යුගය නිමාකළ යහපාලනයේ ඓතිහාසික වටිනාකම

ඕනැම රටක් මානව සංවර්ධනයේ හා භෞතික සංවර්ධනයේ  හිනි පෙත්තටම ගෙනයාමට නම් ක්‍රමවත්ව ඉලක්කයක් සහිතව වැඩ කිරීම සිදු විය යුතුය. විශේෂයෙන් විනය ගරුක පුරවැසියන් සහිත රටක් ලෙස පැවැතිය යුතුය. විනය ගරුකභාවය වෙනුවෙන්  අතීතයේ දී රජෙකුගේ අභිමතය අනුව සැකසුන නීති රීති මෙන්ම ඊට ඇඳා ගත් ආගමික මති මතාන්තර ද යොදා ගැනුනි. නමුත් පාර්ශ්වික ඒකාධිපති තීන්දු තීරණ නිසා එම ක්‍රමවේදයන් ශිෂ්ඨ සමාජය බැහැර කළේය.  නමුත් අද ඒ වෙනුවෙන් සෑම පුරවැසියෙකුට සාධාරණය ඉ‍ටුවන ලෙස මානව අයිතිවාසිකම් හා නිදහස  ආරක්ෂාවන ලෙස  නීතිය පද්ධතියක් පිහි‍ටුවා ගෙන තිබේ. එය සමාජ සම්මුතියක් ලෙස පිළිගැනීමට ලක්කර තිබේ.

නීතියේ ආධිපත්‍ය ගරු කරන සමාජයක් යනු ශිෂ්ඨ සමාජයකි.  ස්වාධීන අධිකරණ පද්ධතියක් මඟින් යුක්තිය පසිඳලීම නීති ගරුක  විනය ගරුක රටකට අවශ්‍යම දෙයකි.

වර්තමාන ශ්‍රීලංකාව යනු ඒ ශිෂ්ඨ සම්පන්න යුගයේ විශිෂ්ට ම අවධිය ලෙස සැලකිය හැකිය.  ආසන්නතම උදාහරණයක් ලෙස පසුගිය රාජපක්ෂ යුගය නීතිය බල්ලටම දැමූ අවිචාරවත් යුගයක් ලෙස හැඳින් විය හැකිය. විධායක ජනාධිපතිධුරය ඒකාධිපති බලතල සහිත ත්‍රාඩ තනතුරක් බවට පත් කරගෙන මහින්ද රාජපක්ෂ නීතියත් අධිකරණයත් කෙලසා දැමු හැටි අමතක වන්නට තරම් කාරණයක් නොවේ.  අධිකරණයට විනිසුරුවරයන් පත් කිරීමේ සිට නඩු හබ විසඳීමද රාජපක්ෂවරුන්ගේ තනි කැමැත්තට සිදු විය.  තමන්ගේ කැමැත්තට අනුව නඩු තීන්දු නොදීම නිසා හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරණායකව එම තනතුරෙන් එළවා දැම්මේ කිසිදු ආකාරයකින් හෝ සාධාරණීය කළ නොහැකි ජඩ ක්‍රියාමාර්ගයකිනි. එසේම ඒ වෙනුවට විවිධ චෝදනාවන් එල්ල වී තිබුණු දේශපාලනික හිතවතකු වූ මොහාන් පීරිස් අගවිනිසුරුධුරට පත් කර ගත්තේය. විනිසුරුවරයකු ද නොවුනු මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට පත්කිරීම මෙරට අධිකරණ ඉතිහාසයේ ලොකුම කලු පැල්ලමයි.  ඒ වැරැද්ද වත්මන් යහපාලන ආණ්ඩුව විසින් නිවැරදි කිරීමට කටයුතු කළා පමණක් නොව අගවිනිසුරුවරයා පත් කිරීමේ ජනාධිපතිවරයා සතු හිතුවක්කාර බලයද ඉවත් කළේය.

අද නව අගවිනිසුරුවරයා පත් කෙරෙන්නේ කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික පක්ෂපාතිත්වයකින් තොරවය. එය තීරණය කිරීමේ බලය ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා තිබේ. ආණ්ඩුවේත් විපක්ෂයෙත් ලෝකය පිළිගත්  ස්වාධීන විද්වතුන්ගේත් කැමැත්ත මත නව අගවිනිසුරුවරයා පත් කිරීම අද සිදුවිය.

ඒකාධිපති රාජපක්ෂ පාලනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයෙත් වෙනස එයයි.   ස්වාධීන අධිකරණ පද්ධතියක සුරක්ෂිතභාවය වෙනුවෙන්  වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන පියවරයන් ඓතිහාසික වටිනාකමකින් යුතු බව කියන්න දෙවරක් සිතිය යුතු නැත. මොකද එවැනි ශිෂ්ට සම්පන්න අත් දැකීම මෙරට දේශපාලන ඉතිහාසයේ විරල බැවිනි.

 

දැනට මේ ඇති සෙස්ස පස්සට.

-තත්ත්පර 180-

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 18:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්