මීගමුවේ ප්රසිද්ධ බාලිකා පාසලක් තුළ කාල බොම්බයක් ඇති බවට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් නිසා විදුහලේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඇමතුමෙන් පසු විනාඩි විස්සක් තුළ එහි සිටින සිසුවියන් ඇතුළු පිරිස් ඉවත් කර ගැනීමට විදුහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.
දුරකතන ඇමැතුම ලැබී සුළු මොහොතකට පසු ගුවන් හමුදාව, යුධ හමුදා බෝම්බ නිශ්ක්රීය අංශය,පොලිස් සහ බුද්ධි නිලධාරින් පැමිණ මේ සම්බන්ධව පරික්ෂණ ඇරැඹු නමුත් බොම්බයක් හමු නොවු අතර අද විදුහලේ පවත්වන්නට යෙදුණු උත්සවයක් කඩාකප්පල් කිරීමේ අරමුණින් කිසිවකු මෙය සිදු කළේ යැයි සැකයක් මතුව ඇතැයි පොලීසිය පවසයි.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.