හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩු නවයක් ලබන දෙවනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නීති විරෝධී ලෙස ධුරය භාවිත කරමින් දූෂණය නමැති වරදක් කළ බව කියන සිද්ධියකට අදාළවයි. 2006, 2007 කාලය තුළ මෙම වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම චෝදනා කර තිබුණා.