Life+News The Official News Portal of Independent Television Network Ltd

නලින් පෙරේරා මහතා නව අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:24

නලින් පෙරේරා මහතා නව අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහේස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.

 

 

අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපති කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය.

අගවිනිසුරු ධූරය සඳහා ජනාධිපතිතුමා විසින් යොමු කරන ලද නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.  ඒ  අනූව,  අදාළ පත් කිරිම සඳහා ජනාධිපතිතුමා වෙත සිය නිගමනය දන්වා යැවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ බව කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පුරප්පාඩු වී ඇති අගවිනිසුරු ධුරය පත් කිරීම පිළිබඳව සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (10/12)  දහවල් 12 ට ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

අගවිනිසුරු ධූරයට නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපතිතුමා විසින් යෝජනා කොට ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස යෝජනා වී ඇති නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2018 13:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්