Life+News The Official News Portal of Independent Television Network Ltd

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:17

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇරඹෙයි

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා. ඒ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන්.  මෙවර තරගාවලියට පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543 දෙනෙකු එක්ව සිටිනවා.  නිලධාරීන් 500කට ආසන්න පිරිසක්ද ඊට එක්වනවා.  ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල විචිත්‍රවත් අයුරින් ආරම්භ වුණා.

කෙටි දුර ධාවන ශූර කසුන් කල්හාර ක්‍රීඩකයා හා දැල් පන්දු කණ්ඩායමේ නායිකා එල් ප්‍රියංගිකා ක්‍රීඩිකාව ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දැල්වූවා. තරගාවලියේ මූලික අදියරේ තරග රැසක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි. සමාප්ති උළෙල ලබන 14 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 18:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්