පොදු රාජ්‍ය මණ්ඩලයේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ඉතා ඉහළින් අගය කරනවා
Related Articles
ආපදා අවදානම් අවම කිරීම සදහා රාජ්‍යයන් සතු හැකියාවන් වර්ධනය කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය යෝජනා කර ඇති වැඩපිළිවෙළ ශ්‍රි ලංකාව ඉතා ඉහළින් අගය කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසිවලට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ආපදාවන් තුළින් ඇතිවන අවිනිශ්චිත තත්ත්වය හුදෙක් වෙළෙද සහ වාණිජ අංශයෙන් පමණක් නොව මූල්‍ය අංශයෙන් ද සැලකිල්ලට ගත යුත්තක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මුදල් ඒකක සහ පොලී අනුපාත අස්ථාවර මට්ටමකට පැමිණ ඇති අවස්ථාවකදී එවැනි අංශ ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ .අන්තර්ජාතික වශයෙන් හොදින් ස්ථාපිත වී ඇති වෙළෙද පද්ධතිවලට එල්ලවී තිබෙන අභියෝග හමුවේ බාහිර සාධක චලනය වීමෙන් ආර්ථිකයකට සහ මූල්‍ය පද්ධතියට බලපෑම් එල්ලවනවා.
මේ හේතුවෙන් බලශක්ති පිරිවැය ඇතුළු තවත් අංශ රැසකට අයහපත් බලපෑම් එල්ලවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විශේෂයෙන් කුඩා රාජ්‍යයන්ට ආර්ථික වශයෙන් අයහපත් තත්ත්වයක් ඇතිවීම සැලකිල්ලට ගත යුතු කරුණක් බව ඒ මහතා පෙන්වා දෙනවා. ස්වභාවික ආපදා ඇතුළු විවිධ හේතු නිසා මූල්‍ය අංශයේ සිදුවන බිදවැටීම් පාලනය කර ආර්ථිකය ශක්තිමත් කිරිමට පොදු රාජ්‍ය මණ්ඩලය ගන්නා වැඩපිළිවෙළට ශ්‍රී ලංකාව හැම අතින්ම සහාය දක්වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment