Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යකාලීන මැතිවරණය ලබන මස 6

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:52

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යකාලීන මැතිවරණය ලබන මස 6

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යකාලීන මැතිවරණය ලබන මස 6 වනදා පැවැත්වෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්තවලට අයත් ඡන්ද දායකයන් මෙම මැතිවරණයේ දී ඡන්දය භාවිත කරනු ඇති. මධ්‍යකාලීන මැතිවරණයෙන් ජනාධිපති ධුරයෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැහැ. එහෙත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පිළිබද පරික්ෂණයක් ලෙස මෙය හැදින්වෙනවා. දක්ෂිනාංශික නායකයෙකු වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් විශාල විවාදයක් පවතිනවා.

ඇමෙරිකා වැසියන්ගෙන් පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්ති අනුමත කරන අතර තවත් පිරිසක් ඔහුගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන බවයි පෙනී ගොස් ඇත්තේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලනයෙහි මුල් අවුරුදු දෙකක කාලයතුලදී ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ බහුතර බලය පවත්වා ගැනීමට හැකි වුනා. මධ්‍යකාලීන මැතිවරණයේ දී නියෝජිත මන්ත්‍රි මණ්ඩලයට සාමාජිකයන් 435 දෙනෙකු ද සෙනෙට් සභාවට 35 දෙනෙකු ද ආණ්ඩුකාරවරුන් 39 දෙනෙකු ද පත්කර ගැනීම සිදු වනවා. විපක්ෂයට තමන්ගේ බලය නැවත අත්පත් කර ගැනීම සදහා ඇති අවස්ථාවක් ලෙසයි මධ්‍ය කාලීන මැතිවරණය හැදින්වෙන්නේ. ට්‍රම්ප් මහතාගේ මතභේදයට තුඩු දෙන ප්‍රතිපත්ති නිසා ඩිමොක්‍රැටික් පක්ෂයට පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ වැඩි බලයක් අත් කර ගැනිමට ඉදිරි මැතිවරණයේ දී හැකිවනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබා ගැනීම සදහා ආසන 218 බහුතර බලයක් ඩිමොක්‍රැටික් පක්ෂයට ලබා ගත යුතු වනවා. දැනට පවත්වා ඇති සමීක්ෂණ අනුව ඩිමොක්‍රැටික් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ බලය ලබා ගැනීමේ හැකියාව සියයට 76 ක මට්ටමක පවතින බවයි අනාවරණය වී ඇත්තේ. මේ නව විට සෙනෙට් සභාවේ අසුන් 100 න් 51ක් හිමිව ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටයි.

මධ්‍යකාලීන මැතිවරණයෙන් පසුවද සෙනෙට් සභාවේ බලය රිපබ්ලිකන් පාක්ෂිකයන් සතුවනු ඇති බවයි ප්‍රකාශ කෙරෙන්නේ. මධ්‍යකාලීන මැතිවරණ සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අතර විශාල උද්යෝගයක් ඇති බව ඇමෙරිකා මාධ්‍ය සදහන් කරනවා. සෞඛ්‍ය ආරක්ෂණය, ආර්ථිකය සංක්‍රමිකයන්, කාන්තා අයිතිවාසිකම් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට කළ පත්වීම් මෙවර මධ්‍ය කාලීන මැතිවරණයේදී තීරණාත්මක අයුරින් බලපානු ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 16:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්