ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවැති ප්‍රසංගයක් සදහා සහභාගීවී සිටි අතරතුර රොනී ලීච් මහතා හෘදයාබාධයකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වුණා. 65 වන වියෙහි පසුවූ ඒ මහතා දෙදරු පියෙක්. ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද ඒ මහතා රසිකයින් අතර මහත් ජනාදරයට පත්වුණා. මහජන ගෞරවය සඳහා දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අද පස්වරු දෙකෙන් පසු දේහය ගල්කිස්ස කිතුණු දේවස්ථානයට රැගෙන යාමට නියමිතයි. එහිදී පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙනවා.