Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇලෝසියස්, පළිසේන ඇප අයදුම්පත අභියාචනාධිකරණයෙනුත් ඉවතට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:29

ඇලෝසියස්, පළිසේන ඇප අයදුම්පත අභියාචනාධිකරණයෙනුත් ඉවතට

අර්ජුන් ඇලෝසියස් කසුන් පළිසේන යන අය ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධීකරණය ප්‍රතික්ෂේප කළා.

2015 මහ බැංකු බැදුම්කර නිකුත් කිරීමේදි සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ෆර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගතවයි සිටින්නේ.  ඔවුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබද නියෝගය ලබාදෙමින් අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියේ වගඋත්තරකරුවන්ට නොසීති නිකුත් නොකොට ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීමට තරම් යුක්තිගරුක කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බවටද අභියාචනාධීකරණය තීන්දු කළා. සැකකරුවන්ට පොදු දේපළ යටතේ චෝදනා එල්ල වි ඇති බැවින් ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන බව මීට පෙර ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණයද නියෝග නිකුත් කර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 12:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්