බඩඉරිගු වගාකරන ගොවීන්ට බීජ මිලදී ගැනීමට වැයවන මුදලින් 50% ක් රජයෙන් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බඩ ඉරිගු වගාව පුළුල් මට්ටමෙන් ව්‍යාප්ත කිරීම සදහා ගොවීන් දිරිගැන්වීමේ විශේෂ වැඩපිලිවෙලක් ලෙස මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත බඩඉරිගු සදහා රුපියල් 43ක සහතික මිළක්ද ලබාදීමට තීරණ කර තිබෙනවා. මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන්නේ. බඩඉරිගු වගාකරන ගොවීන්ට වගා හානියකදී හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක මුදලක් වගා හානි රක්ෂන වන්දි වශයෙන් කටයුතු යොදා තිබෙනවා. බඩඉරිගු ගොවීන් විශාල පිරිසක් වගාවෙන් ඈත් වීම නිසා රටට වාර්ෂිකව අවශ්‍ය වන බඩඉරිගුවලින් විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසනවා.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවිබිම් අක්කර 75000 ක බඩඉරිගු වගා කිරීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ හා ගොවිජන මධ්‍යස්ථාන හරහා මෙය සාර්ථකව සිදු කෙරෙනවා. පසුගිය වසර කිහිපයේදීම අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියගය හේතුවෙන් කන්නක කිහිපයකම වගා කටයුතු නොහැකි වුණා. ඒ හේතුවෙන් අස්වනු අඩුවීමේ ගැටළුට මුහුණදීම සදහා බඩඉරිගු වගාකිරීමේ ව්‍යපෘතිය ආරම්භ කෙරුණා.