Life+News The Official News Portal of Independent Television Network Ltd

පැලවත්තේ රෙදිපිළි අලෙවිසලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 11:40

පැලවත්තේ රෙදිපිළි අලෙවිසලක ගින්නක්

බත්තරමුල්ල- පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි වෙළෙදසැලක ඇතිවූ ගින්නකින් එම වෙළෙදසැල සම්පුර්ණයෙන්ම විනාශයට පත්වුණා.

අද පෙරවරුවේ 11.00ට පමණ ගින්න හටගෙන තිබෙනවා. ගින්න අසළ තිබූ වෙළෙදසැල් කිහිපයකට ද පැතිර ගියා.  එම වෙළෙදසැල්වලට ද දැඩි හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ නගර සභාවේ සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ රථ දහයක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා.

ගුවන් හමුදාවේ බෙල් 212 ගුවන් යානා ද ගින්න නිවීමේ කටයුතුවලට එක්කර තිබුණා. පොලිසිය යුද හමුදාව සහ ආපදා කළමනාකරණ අංශ ද මේ සදහා එක්ව සිටියා. ගින්න සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්ත සහ කොට්ටාව, බත්තරමුල්ල මාර්ගවල ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගත්තා. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 11, 2018 11:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්