Life+News The Official News Portal of Independent Television Network Ltd

වැස්ස එක්දින තරගයට හරස් කපයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 18:31

වැස්ස එක්දින තරගයට හරස් කපයි

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතරකර තිබෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළා.  ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 25 ක් ලබා සිටි ජොනී බෙයාස්ටොව් දැවී ගියා.

එම කඩුල්ල දවා ගත්තේ නුවන් ප්‍රදීප්. ඒ මුල් ලකුණු පුවරුව 49 ක් ලෙස සටහන්ව තිබියදීයී. අනෙක් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුනු 24 ක් ලබා සිටිදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියා. ඒ වන විට මුළු ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 51 ක් ලෙසයි. කෙසේ වෙතත් සිය වේගවත් ලකුණු ලබාගැනීමේ රටාව තවදුරටත් පවත්වා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත්වුණා. මේ අනුව කඩුලු දෙකක් දැවී ලකුණු 92 ක් පන්දුවාර 15 ක් අවසානයේ ලබාගැනීමට ඔවුන්ට හැකිවුණා. මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවීව ඔබ වෙත ගෙන එන්නේ අයිටීඑන් එෆ්එම්. ඒ වෙනුවෙන් ප්‍රවිණ ක්‍රිකට් විචාරකයන්ගේ සහාය හිමිවී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 18:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්