ශ්‍රී ලාංකේය රියැලිටි සම්ප්රදාය වෙනස් කළ යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් ලබන 27 වනදා සිට ආරම්භ වනවා. එහි ජයග්රාහකයාට මයික්‍රෝ එම් ජී, එස් යූ වී මෝටර් රථයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග ලබාදීමට සූදානම්.
ජාතික තරුණ සේවා සභාව හා අයිටීඑන් එක්වයි මෙම රියැලිටිය ජාතියට දායාද කරන්නේ. තර්ඩ් ජෙනරේෂන් ජයග්‍රාහකයා වෙනුවෙන් ලබාදෙන මයික්‍රෝ එම් ජී, එස් යූ වී රථය භාරදීම වෙනුවෙන් වූ ගිවිසුමට අත්සන් තැබුණා. ඊට අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර, මයික්‍රෝ කාර් සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
තිලකා ජයසුන්දර – සභාපතිනි – අයිටීඑන් මාධ්‍ය ජාලය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bAfg3zuSg3A&feature=youtu.be”]
ලබන 27 වනදා රාත්‍රී නවයේ සිට සෑම සෙනසුරාදා දිනයකම යූත් විත් ටැලන්ට් තර්ඩ් ජෙනරේෂන් ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටිනවා.
කිෂූ ගෝමස් – විනිසුරු මණ්ඩල සාමාජික – යූත්විත් ටැලන්ට්,
[ot-video type=”youtube” url=”https://youtu.be/ZCTvk-swZI0″]