Life+News The Official News Portal of Independent Television Network Ltd

ලලිත් වීරතුංග කොළඹ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 16:19

ලලිත් වීරතුංග කොළඹ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙයි

රාඩා නමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200 කට ආසන්න රාජ්‍ය මුදලක් සාවධ්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කොළඹ මහාධිකරණයේ දී අද සාක්ෂි ලබා දුන්නා. සුනාමියෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට රාඩා නමැති ආයතනය පිහිටුවා තිබෙනවා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයකින් 2005 වසරේ නොවැම්බර් 28 වනදා මෙම ආයතනය පිහිටවූ බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

එම ලේඛනය සදහා යොදා ඇති එක් අත්සනක් තමාගේ බවට ලලිත් වීරතුංග මහතා නීතිපතිවරයා ඉදිරිපත් කළ ලේඛනයක් මගින් පෙන්වා දුන්නා. එම ලේඛනය ඇතුළු සෙසු ලේඛන ඡායා පිටපත් බැවින් ඒ සදහා විරෝධතා ඉදිරිපත් කෙරුණා. ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු සැසිවාරයක් සදහා සහභාගි වන බැවින් අද දින මහාධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඔහුට ලබන 18 වනදා පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සාලිය වික්‍රමසූරිය, ජයන්ත ඩයස්, එමිල් කාන්තන් යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. එමිල් කාන්තන් නැමැත්තා නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණය මීට පෙර අවසර ලබාදුන්නා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 16:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්