Life+News The Official News Portal of Independent Television Network Ltd

සාගර සමුළුව හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:53

සාගර සමුළුව හෙට ඇරඹෙයි

ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම තේමාකරගත් දෙදින සමුළුව අරලියගහ මන්දිරයේදී හෙට ආරම්භ වනවා. සමුළුවේ ආරම්භක දේශනය ජනාධිපතිතුමා පවත්වන අතර ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව සිටින්නේ අග්‍රාමාත්‍යවරයායි. ජගත් මහ ලේකම්වරයාගේ සාගරය පිළිබද විශේෂ නියෝජිතයා ද සමාරම්භක සැසිය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව කලාපීය වෙළෙද සේවා හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය මෙම සමුළුවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති. මෙම සමුළුවෙන් ශ්‍රී ලංකාවට හිමිවන වාසි පිළිබද පෙන්වාදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ අපේ සම්පත් ගොඩබිමට පමණක් සීමා වී නැති නිසා මුහුදත් සම්බන්ධකර ගත යුතු බවයි. සාගරය තුළ පවතින සම්පත් පිළිබද පර්යේෂණ හා ගවේෂණ සිදුකර ඉන්දියන් සාගරය ඇසුරෙන් ආර්ථික බලවේගයක් ඇතිකර ශ්‍රී ලංකාවට විශාල වාසි අත්කර ගත හැකියි. එහි ප්‍රතිඵල රටේ සෑම කෙනෙකුටම හිමිවනවා. ඒ සදහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාකර ක්‍රියාත්මක වීම සදහා මෙම සමුළුව බෙහෙවින් වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්