ප්‍රබල මයිකල් චණ්ඩ මාරුතය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට අද දිනයේ දී ඇතුළු විය හැකි බවට එරට කාළගුණ විද්‍යා අංශ අනතුරු අගවනවා. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ තුන්ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසක් මේ වන විටත් ඉවත් කර තිබෙනවා.
චණ්ඩ මාරුතය පැයට කිලෝමීටර 190කට වැඩි වේගයකින් හමා එන අතර මෙය 3 වන කාණ්ඩයට අයත් වන්නක්. ෆ්ලොරීඩා , ඇල්බමා සහ ජෝර්ජියා ප්‍රාන්තවලට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් ද ඇති විය හැකි බවට ඇමෙරිකා කාළගුණ අංශ දැනුම්දෙනවා. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසල් සහ රජයේ කාර්යාලද වසා දමා තිබෙනවා. මයිකල් චණ්ඩ මාරුතය ෆ්ලොරීඩා ප්‍රාන්තයට මෙම වසරේ දී බලපාන ප්රබලතම සූළිකුණාටුවක් බවයි එරට ආපදා අංශ සදහන් කරන්නේ.