රතුපස්වල නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ කුමන චෝදනාවක් යටතේ නඩු පවරන්නේද යන්න පිළිබදව නීතිපති උපදෙස් තවමත් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියා.
යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු හමුදා නිලධාරීන් තුන් දෙනෙකු මෙහි විත්තිකරුවන් වනවා. බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල වැසියන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණේ 2013 අගෝස්තු පළමුවනදායි. මෙම ප්‍රහාරයෙන් තුන් දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. එවකට යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරයකු වන දේශප්‍රිය ගුණවර්ධන යන අය ඇතුළු විත්තිකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අද පෙනී සිටියා. මොවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ කුමන චෝදනාවක් යටතේ නඩු පවරන්නේද යන්න පිළිබද නීතිපති උපදෙස් තවමත් ලැබී නැති බව රහස් පොලීසිය කළ දැනුම්දීමත් සමග නඩුව ජනවාරි 04 වනදාට කල්තැබුණා.