Life+News The Official News Portal of Independent Television Network Ltd

සුලි කුණාටුව දිවයිනෙන් ඉවතට – හෙට සිට වැස්සත් අඩුවෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:20

සුලි කුණාටුව දිවයිනෙන් ඉවතට – හෙට සිට වැස්සත් අඩුවෙයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව ඉන්දියාවට ඇතුළු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවත්නා වැසි සහිත කාලගුණයේ තරමක අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව ද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ජලාශවල ජල මට්ටම යම්තාක් දුරකට අඩු වී තිබෙනවා. සහන වැඩපිළිවෙලද අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ආපදාවට පත් වූවන්ට එම ස්ථානවලදීම රුපියල් දස දහසේ දීමනාව ලබා දෙන බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

මේ අතර ජල ගැලීම් තත්ත්වයේ අඩුවීමක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා.  ගංවතුර පහව යමින් පැවතිය ද පහත් බිම් සහ අතුරු මාර්ග තවදුරටත් ජලයෙන් යටව පවතින බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. හිනිදුම, උඩුගම,නාගොඩ, මාපලගම, යටලමත්ත, බෙම්මඩ, ගෝනලගොඩ, ගම්මැද්දෙගොඩ යන ප්‍රදේශවල ගංවතුර පහව යමින් පවතිනවා.

වාර්තාකරුවන් පවසනවා. මේ අතර ගාල්ල කඩවත්සතර පියදිගම සුදර්ශනාරාමයේ රදවා සිටින පිරිසට අවශ්‍ය පිසූ ආහාර ඇතුළු පහසුකම් ලබාදීමට සුබසාධන අංශ පියවර ගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා සහන සදහා පමණක් රජය රුපියල් ලක්ෂ 70 කට අධික මුදලක් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 10, 2018 12:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්