හල්දුම්මුල්ල මීරියබැද්ද ප්රදේශයේ යළිත් වරක් නායයෑමක් සිදුව තිබෙනවා. මීට වසර කිහියකට පෙරද මෙම ප්රදේශයේ විශාල නාය යෑමක් සිදුවුණා. එහෙත් මෙවර නාය යෑමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මීරියබැද්ද එස්.කේ කොටසයි මෙසේ නායගොස් තිබෙන්නේ. මෙම කන්දේ ඉහළින් ඇති වූ දියපහරක් සමග පස් සහ ගල් කඩා වැටී තිබෙනවා. ඒ සමග පවුල් 07 ක පුද්ගලයන් 29 දෙනෙකු ඊයේ රාත්රියේදී ඉවත් කෙරුණා. ඔවුන් කොස්ලන්ද තේ කම්හලේ රදවා තිබෙනවා. දැනට නාය ගොස් ඇති කොටසේ ඉහළින් තවත් ඉරි තැලීම් සිදුව ඇති බැවින් සැළකිලිමත්වන ලෙස ආපදා අංශ එම ප්රදේශයේ පදිංචිකරුවන්ට දන්වා සිටිනවා.
මීරියබැද්ද ප්රදේශවාසින්,