මධ්‍යම හා ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මේ හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ජල ගැලීම් හා නායයාම් සිදුවුණා.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පනස් හත් දහස් පහළොවකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. දොළොස්දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සහන කටයුතු ද අඛන්ඩවම සිදුකෙරෙමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/FHJ-JiRNs68″]