ඉන්දියාවේ චත්තිස්ගර් ප්රාන්තයේ බහිලායි වානේ කම්හලේ සිදු වු පිපිරීමකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කම්හලේ ප්රධාන ගෑස් නලයක් පුපුරා යෑම අනතුරට හේතුවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බව එරට පොලීසිය සදහන් කරනවා.
බහිලායි වානේ කම්හල ඉන්දියාවේ එකම දුම්රිය මාර්ග නිෂ්පාදකයා සහ සැපයුම්කරු වනවා. 2014 වසරේදී ද එහි සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.