ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ කාන්තා විද්‍යාලයකට ඇතුළු වූ පිරිසක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ශිෂ්‍යාවන් 34 දෙනෙකු තුවාල ලැබුවා. පාසලේ ශිෂ්‍යාවන් පිරිසකට හිරිහැර කරන්නට උත්සාය කළ තරුණයන් පිරිසකකට ගුරුවරුන් සහ වැඩිහිටියන් උපදෙස් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේදීයි මෙම පහරදීම සිදු කර තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණයින් වයස අවුරුදු 12 ත් 16 ත් අතර පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ. ඉන්දියාව තුළ වැඩි වශයෙන් කාන්තා හිංසන සහ ලිංගික ප්රචණ්ඩත්වය දක්නට ලැබෙනවා. එය මේ වන විට එරට පාසල් පද්ධතිය තුළ ද ව්‍යාප්ත වී ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.