ශරීර කොටස් අළෙවි කළ මෙක්සිකෝ යුවළක් ගැන එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ශරීර කොටස් කිහිපයක් අළෙවිය සඳහා රැගෙන යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සඳහන් කළේ. පසුගිය දින කිහිපයේදි සිදුවූ ඝාතනවලට මොවුන් සම්බන්ධ බවටද සැක මතුව තිබෙනවා. ශරීර කොටස් අළෙවිය මෙක්සිකෝව තුළ ප්රබල ගැටළුවක් බවට පත්ව ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළා.