මයිකල් සුළිකුණාටුවෙන් ෆ්ලොරීඩා ප්රාන්තයට බලපෑම් සිදුවිය හැකි බව ඇමෙරිකා කාලගුණ අංශ පවසනවා. මේ වන විට බටහිර කියුබාවට හා නැගෙනහිර මෙක්සිකෝවේ ප්රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙනවා. එය මෙක්සිකෝවෙන් ඇතුළු වී ෆ්ලොරීඩා ප්රාන්තයට ගමන්කරනු ඇති බවයි එරට සුළි කුණාටු අංශය සදහන් කරන්නේ.
අත්ලාන්තික් සුළි කුණාටුවක් වන මෙය පළමු කාණ්ඩයට අයත් කුණාටුවක් බවද සදහන්. මේ වන විට පැයට කිලෝමීටර 130ක වේගයෙන් සුළං හමා යනවා. මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට ඇතුළු වීමත් සමග ප්රබල සුළි කුණාටුවක් බවට පත් වනු ඇති බවයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ.