පාකිස්ථානයේ මේ වන විට උග්‍ර වෙමින් පවතින ගෙවුම් ශේෂ අර්බුදය හේතුවෙන් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලෙන් තවදුරටත් ආධාර ලබා ගැනීම සදහා සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ සදහා වූ යෝජනාවට අනුමැතිය ලබා තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීට පෙර ණය මුදලක් ලබා ගෙන ඇති බවයි එරට මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. පසුගිය ජූලි මාසයේදී ඉම්රාන් ඛාන්ගේ පාලනයට පාකිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනවා. පාකිස්ථානයේ කොටස් වෙළඳපලද ඊයේ 3.5 %කින් පහත වැටුණා.