බදුල්ල දෙමළ බාලිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර් භවානි මහත්මිය දණ ගැස්සවීමට ලක් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ අවසන් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිවේදනය කළා. අදාළ පරීක්ෂණ අවසන් කොට කොමිසන් සභාවේ නිර්දේශයද අනුමත වී ඇති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සදහන් කරන්නේ.
මෙම කාරණය සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ද ගොනු කර ඇති බවට කරුණු වාර්තාවීම මත මානව හිමිකම් කොමිසන් සභාව සිය නිර්දේශ ලබාදීම අත්හිටුවා තිබෙනවා. මෙම සිද්ධිය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය යම් විමසීමක් සිදු කරන්නේ නම් අදාළ තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන බවයි එම කොමිසන් සභාව පවසන්නේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, බදුල්ල දෙමළ බාලිකා මහ විදුහලේ විදුහල්පතිනිය වන ආර් භවානි මහත්මිය දණ ගැස්සවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග මෙම පරීක්ෂණ සිදු කෙරුණා.