Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් හතළිස් අටදහසකට පීඩා – මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:57

අයහපත් කාලගුණයෙන් හතළිස් අටදහසකට පීඩා – මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළට

පවතින අයහපත් කාලගුණයත් සමග පුද්ගලයින් හතළිස් අටදහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට පීඩාවට පත්ව සිටිනවා. ආපදා තත්ත්වයෙන් මෙම මස තුළ ජීවිතක්‍ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට නවය දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ප්‍රදීප් කොඩිප්පිලි-නියෝජ්‍ය අධ්‍යක්‍ෂ-ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අපපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි බලපෑම හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

එස් ප්‍රේමලාල‍්-අධ්‍යක්‍ෂ-කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,

මේ අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි

අමාත්‍ය දුමින්ද දිසානායක,

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 8, 2018 18:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්