පසුගිය මස පස්වැනිදා කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පැමිණි පිරිසට ලබාදුන් බව කියන කිරි පැකට්වල කිසිදු විෂ රසායනිකයක් ඇතුළත් නැති බව රස පරීක්ෂණ වාර්තාව හෙළි කරනවා. පරීක්ෂණ කටයුතු සඳහා ලබාදුන් කිරි පැකට්ටුව විවෘත කිරීමක් හෝ කර නොතිබූ බව ද වාර්තාවේ සදහන් වනබව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.
මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන නීතිඥ වර්ණකූලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු යන අය පසුගිය මස 10 වැනිදා කොටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. එම පැමිණිල්ල මගින් පවසා තිබුණේ ඔහු සමඟ සිටි පුද්ගලයින් විසිපස් දෙනෙකුට පිටකොටුවේ දී මෙලෙස කිසියම් පිරිසක් කිරි පැකට්ටුවලට විෂ ඇතුළත් කර පානය කිරිමට ලබා දුන් බවයි. ඔහුට ලබා දුන් බව කියන කිරි පැකට්ටුවද ඔහු පොලිසියට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුවයි අධිකරණ නියෝග මත අදාළ කිරිපැකට්ටුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පොලිසිය කටයුතු කළේ. සයනයිඩ්, ලෝහමය වස, පළිබෝධනාශක වස වර්ග සහ ඖෂධ යන ද්‍රව්‍ය අඩංගු ද යන්න පිළිබදව මෙහිදී පරීක්ෂා කර තිබෙනවා. එවැනි වස හෝ ඖෂධ එම කිරිපිටි පැකට්ටුවෙහි අඩංගු නැති බව රස පරීක්ෂක වාර්තාවේ දක්වා ඇති බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.