සංචාරක එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී විශේෂ පුහුණු සැසියකට එක්ව සිටිනවා. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින තරග 05 ක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස දඹල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී අනිද්දා පැවැත්වෙනවා.
මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී විශේෂ පුහුණු සැසියකට ද එක්ව සිටිනවා. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන්නේ දිනේෂ් චන්දිමාල් විසින්. දඹුල්ල තණතීරුව හා කාලගුණික තත්ත්වයන් පිළිබද හොද අවබෝධයක් ලබා ගැනීම සදහා මෙම පුහුණු සැසිය මහත් රුකුලක් වන බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගාවලියේ සියලු තරග පන්දුවෙන් පන්දුව සජීවීව ඔබ වෙත ගෙන ඒමේ නිල ගුවන් විදුලි අනුග්‍රහය මෙවර අයිටීඑන් එෆ්එම් හිමිකර ගෙන තිබෙනවා. එම සජීවීකරණ අත්දැකීම වෙත ශ්‍රී ලාංකික ශ්රාවකයින් සමීප කරවීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.