Update: විජයකලා මන්ත්‍රීවරියට ඇප
Related Articles
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා. ඒ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මතයි.
මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනයකින් අනතුරුව මන්ත්‍රීවරියට එම කොට්ඨාසයෙහි පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව ඇය අද පෙරවරුවේ එම කොට්ඨාසයෙහි පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. යාපනයේ පැවති රැස්වීමකදී එල්ටීටීඊ හිතවාදී ප්‍රකාශයක් සිදුකළ බවට මන්ත්‍රීවරියට චෝදනා එල්ල වී තිබෙනවා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment