ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරය අද ආරම්භ කළා. ඒ එරට ජනාධිපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනයකට අනුවයි.
සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අද අලුයම එරට වෙත ළගා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබුවේ එරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍යවරියක වන මැක්සුසී මොන්ඩන් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක්. සීෂෙල්ස් හි කැබිනට් හා මහජන සේවා පිළිබද රාජ්‍ය ලේකම් මොහොමඩ් අෆීෆ්,සීෂෙල්ස් තානාපති සේවයේ ප්‍රධානී හා සීෂෙල්ස් රාජ්‍යයේ රුසියානු තානාපති ව්ලැඩිමීර් බෙලොස් , ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් කොන්රාඩ් මෙදරික් , සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක යන මහත්වරුන් ගුවන්ගතොටුපල වෙත පැමිණ සිටියා. සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක්රමික සංවර්ධනයක් ළගාකරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍යය අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටක් වනවා. දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන , සංචාරක , ධීවර හා සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින සබදතා තවදුරටත් ඉහළ නංවා ගැනීම තුළින් ශ්‍රී ලංකාවට නව ප්රතිලාභ අත්පත්කර ගැනීකම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර හමුවක් අද පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා. එහිදී රාජ්‍ය නායකයින් නව අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කරුණු ඇති.