ගිණිකොන දිග මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පිඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතියද අද (07) දිනයෙත් දිවයිනේ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර හා දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/iM3h2U_7BFQ”]
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා. කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙන නායයෑම් නිවේදනයද තවදුරටත් වලංගු වන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/J4eH4OIJhQw”]
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නායයාම් හා ගංවතුර තත්ත්වයන් වාර්තා වනවා. කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට අද(07) අලුයම පස්කදු කඩා වැටිමෙන් හානි සිදු වුනා. එක් නිවසක සිර වී සිටි වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ප්‍රදේශවාසින් බේරාගෙන තිබෙනවා. තවත් නිවසක සිටි පුද්ගලයින් පස් දෙනෙකුද නිරුපද්‍රිතව බේරා ගත් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින් හතර දෙනෙකු මේ වන විට හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/uUaEPD5-n4Y”]
අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම අසල ගමනාගමනයට දැඩි ලෙස බාධා මතුවුනා. ඊයේ දිනසිට ඇදහැලෙන අධිකවර්ෂාවත් සමග කළු ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් අගුරුවාතොට, මදුරාවල, නාත්තුපාන ආදි පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. පැලවත්ත, වලල්ලාවිට, මීගහතැන්න ආදි ප්‍රදේශවලට ද අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර බලපෑම් එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් ගිංගග පිටාර ගැලිමෙන් උඩුගම, ගල්ලන්දල, හිනිදුම, තවලම, නාගොඩ ආදි පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ගාල්ල දෙල්ලව, උඩුගම නෙලුව, උඩුගම අකුරැස්ස, උඩුගම තවලම ආදි මාර්ග රැසක ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ (06) රාත්‍රියේ අයහපත් කාලගුණික තත්ත්වය අතරතුර අකුණුසැර වැදිම නිසා ගාල්ල අක්මීමන නිවාස 15 කට අලාභ හානි සිදු වුණා. මේ හේතුවෙන් දොඩදෙනිකන්ද , කදුරුගස්හේන, හියාරේ ආදි ප්‍රදේශවල ජනතාව පිඩාවට ලක්ව තිබෙනවා.