18වන කොළඹ මැරතන් සවාරියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දහසක්
Related Articles
දහඅටවන කොළඹ මැරතන් සවාරිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දහසක පමණ සහභාගිත්වයෙන් අද(07) පැවැත්වුනා. ක්‍රීඩා අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභා හා එල් එස් ආර් ස්පොර්ට් රයිසින් ආයතනය එක්වයි මෙවර තරගාවලිය සංවිධාන කර තිබෙන්නේ. තරගාවලිය සදහා විදේශ රටවල් 45 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරසියකට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටියා. තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය කෙන්නියාවේ ජෙම්ස් ජෙලින් හිමි කර ගත් අතර ඒ සදහා ඔහු ගත කල කාලය පැය 02 යි විනාඩි 22 යි තප්පර 52 ක්. එම අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේ ස්ටෙෆාන් මගාති . පිරිමි අංශයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ අමිල සරත් කුමාර හිමි කර ගත්තා.
තරගාවලියේ කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිමට කෙන්නියානු ක්‍රීඩිකා මාගරට් යුගුනා සමත් වුණා. ඒ සදහා ඇය ගත කළ කාලය පැය 02 යි විනාඩි 52 යි තප්පර 54 යි. කාන්තා අංශයේ දෙවන ස්ථානයේ කෙන්නයාවේ එමලි ජෙෆ්කොයිඩ් දිනා ගත් අතර තුන්වන ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ සුජානි මධුමාලි පෙරේරායි.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment