සිම්බාබ්වේ සහ දකුණු අප්රිකාව අතර පැවති තුන් වන එක්දින ක්රීකට් තරගය කඩුලු හතරකින් ජයගැනිමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු තුනකදී සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 228 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ෂොන් විලියම්ස් ලකුණු 69 ක් රැස් කළා. පන්දු යැවිමේදී ඩෙල්ටේන්ස් සහ කැගින්සෝ රබාඩා කඩුලු තුන බැගින් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කන්ඩායම පන්දුවාර 45යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 231 රැස් කරගනිමින් තරගයේ ජය හිමි කරගත්තා. අගනා ඉනිමක් ක්රීඩා කළ රීසා හෙන්රික් ලකුණු 66 ක් රැස් කළා. ඒ අනුව තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනිමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ වීරයා ලෙස දකුණු අප්රිකා ක්රීඩක ඉම්රාන් තහිර් සම්මාන දිනා ගත්තා.