නිව් කාසල් සමඟ සටනේ ජය මැන්චෙස්ටර් කණ්ඩායමට
Related Articles
බ්රතාන්ය ප්රිමියලීග් පාපන්දු තරලාවලියේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ නිව් කාසල් කණ්ඩායම් අතර පැවති තරගය ගෝල තුනට දෙකක් ලෙස ජය ගැනීමට සත්කාරක මැන්චෙස්ටර් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමු අර්ධයේ 7 සහ 10 යන විනාඩියන්හිදී ගෝල දෙකක් වාර්තා කළ නිව් කාසල් කන්ඩායම පළමු අර්ධය තමන් සතු කර ගත්තේ මැන්චෙස්ටර් ක්රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිද දමමින්. නමුත් දෙවන අර්ධයේ හැත්තෑවන විනාඩියේදී ක්රියාත්මක වූ මැන්චෙස්ටර් ක්රීඩක ජ්වාන් මාතා තම කණ්ඩායම වෙනුවෙන් ප්රථම ගෝලය වාර්තා කර ගැනීමට සමත් වුණා. අනතුරුව හැත්තෑ හය වන විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කර ගත් ඇන්ටෝනියෝ මාට්ල් නිව් කාසල් කණ්ඩායමට ප්රභල අභියෝගයක් ලබා දෙමින් ගෝල සංඛයාව සම තත්ත්වයට ගෙනාවා. කෙසේ වෙතත් අවසන් විනාඩියේදී ජයග්රාහී ගෝලය වාර්තා කළ ඇලෙක්ස් සැන්චෑස් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ගෝල තුනට දෙකක ජයක් ගෙන දුන්නේ ක්රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින්.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment